බීටු දෝෂ අනුපාතිකය

සංඛ්‍යාංක සම්ප්‍රේෂණයේදී, බීටු දෝෂ සංඛ්‍යාව යනු සන්නිවේදන නාලිකාවක් ඔස්සේ දත්ත ප්‍රවාහයක් යැවුනු පසුව ප්‍රතිග්‍රාහණය වන බීටු අතුරින්, ඝෝෂාව, නිරෝධනය, කුරූපණය හෝ බීටු සමමුහූර්තකරණ දෝෂ නිසාවෙන් විවිර්තනය වන්නාවූ බීටු සංඛ්‍යාව වෙයි.

බීටු දෝෂ අනුපාතිකය (BER) යනු අධ්‍යයනයට ලක් වූ කාල පරාසයකදී ඇතිවූ බීටු දෝෂ සංඛ්‍යාව, සමර්පිත මුළු බිට් ගණනින් බෙදූ විට ලැබෙන සංඛ්‍යාවයි. BER යනු ඒකක විරහිත කාර්යසාධන මිම්මක් වන අතර බොහෝවිට ප්‍රතිශතයක් ලෙසින් දැක්වේ.

බීටු දෝෂ සම්භාව්‍යතාවය pe යනු BER හී ඇවෙක්සුම් අගය වෙයි. BER අගය, බීටු දෝෂ සම්භාව්‍යතාවයෙහි ආසන්න නිමානයක් (ඇස්තමේන්තුවක්) ලෙසින් සැලකිය හැක. දිගු කාල පරාසයක් තුලදී හා ඉහල බීටු දෝෂ සංඛ්‍යාවක් සඳහා මෙම නිමානය නිරවද්‍ය අගයක් ලබා දෙයි.

නිදසුනසංස්කරණය

නිදසුනක් ලෙසින්, පහත බීටු අනුක්‍රමය සම්ප්‍රේෂණය කෙරුණේ යැයි උපකල්පනය කරන්න:

0 1 1 0 0 0 1 0 1 1,

පහත බීටු අනුක්‍රමය ප්‍රතිග්‍රහණය වූයේ යැයි උපකල්පනය කරන්න:

0 0 1 0 1 0 1 0 0 1,

මෙම අවස්ථාවෙහිදී බීටු දෝෂ සංඛ්‍යාව (යටින් ඉරි ඇඳි බීටු ගණන) 3 කි. BER වන්නේ සාවද්‍ය බීටු 3 සමර්පිත බීටු ගණන වන 10 න් බෙදූ විට ලැබෙන සංඛ්‍යාව වන අතර, මෙනයින් BER වන්න් 0.3 හෝ 30% කි.

පැකට්ටු දෝෂ අනුපාතිකයසංස්කරණය

පැකට්ටු දෝෂ අනුපාතිකය (PER) (නැතහොත් සංකේත හෝ කට්ටි දෝෂ අනුපාතිකය) යනු සාවද්‍ය ලෙසින් සමර්පිත දත්ත පැකට්ටු (ආදි ලෙසින්.) ගණන සමර්පිත පැකට් ගණනෙන් බෙදූ විට ලැබෙන සංඛ්‍යාවය. එහි එක් බීට්ටුවක් හෝ සාවද්‍ය නම්, පැකට්ටුවක් සාවද්‍ය ලෙසින් සැලකෙයි. PERහි ඇවෙක්සුම් අගය දැක්වෙන්නේ පැකට් දෝෂ සම්භාව්‍යතාවය pp ලෙසින් වන අතර, N බීටු ගණනක දත්ත පැකට් දිගක් සඳහා එය පහත පරිදී දැක්විය හැක:

,

මෙහිදී බීටු දෝෂ එකිනෙකින් ස්වායත්ත බවට උපකල්පනය කෙරෙයි. කුඩා බීටු දෝෂ සම්භාව්‍යතාවන් සඳහා මෙය දළ වශයෙන් පහත පරිදී වෙයි:

BER කෙරෙහි බලපාන සාධකසංස්කරණය

සන්නිවේදන පද්ධතියකප්‍රතිග්‍රාහකය දිසාවෙහි BER වෙත බලපැම් ඇති කරන්නේ, සම්ප්‍රේෂණ නාලිකාවේ ඝෝෂාව, නිරෝධනය, කුරූපණය, බීටු සමමුහූර්තකරණ ගැටළු, භායනය, නොරැහැන් බහුපථ මැලයීම, ආදිය විය හැකිය.

මෙයද බලන්නසංස්කරණය

  • නිපාත දේෂය
  • දෝෂීය තත්පරය
  • විටර්බි දෝෂ අනුපාතිකය

ආශ්‍රිතසංස්කරණය

 මෙම ලිපිය තුල ඇතුලත්ව ඇත්තේ  පොදු වසම කරුණු වන අතර ඒවා ලබා ගෙන ඇත්තේ ජෙනරල් සර්විසර්ස් ඇඩ්මිනිස්ට්‍රේෂන් ලේඛය "ෆෙඩරල් ප්‍රමිතිය 1037C" (MIL-STD-188 සඳහා ආධාරකයක් ලෙසින්).

🔥 Top keywords: ඊජිප්තුවමුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්ත්‍යාග (නීතිය)ලිබියාවමලාවිසූනන් ඇඟ වැටීමේ ඵලාඵලවැදි ජනයාසිංහල අලුත් අවුරුද්දශ්‍රී ලංකාවේ ආදි වාසීන්නොබෙල් ත්‍යාගයඑස්‌. මහින්ද හිමිසිංහල සහ හින්දු අලුත් අවුරුද්දආදිවාසීන්ශ්‍රී ලංකා පොලිස් සේවයරබින්ද්‍රනාත් තාගෝර්අනගාරික ධර්මපාලමිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගොංගාලේගොඩ බණ්ඩාවිද්‍යාගාරයේ වගා කරනු ලබන මස්ශ්‍රී ලංකාවසෞරග්‍රහ මණ්ඩලයමොණරවිල කැප්පෙටිපොළඅතීත ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තවිකිපීඩියා:Contact usආචාර්ය එස්‌. පනීභාරතසී.ඩබ්.ඩබ්. කන්නන්ගරඅධ්‍යාපනයවිර පුරන් අප්පුසුසන්තිකා ජයසිංහසිංහල අක්ෂර මාලාවසීගිරියක්ෂුද්‍ර ජීවීන්සිංහල භාෂාවඩී.එස්. සේනානායකස්ටීවන් හෝකිංමාර්ටින් වික්‍රමසිංහනව අරහාදී බුදුගුණමල්ශ්‍රී ලංකා ජාතික කොඩියප්‍රවර්ගය:ශ්‍රී ලංකාවේ ජාතික වීරයෝපහතරට නැටුම්නායකත්වයක්ෂුද්‍ර ජීවීන් සහ රෝගබ්‍රහස්පති ග්‍රහයාකාර්මික විප්ලවයශ්‍රී දළදා මාළිගාවශ්‍රී පාදස්ථානයමනෝ විශ්ලේෂණවාදයශ්‍රී ලංකාවේ ජාතික සංකේතසුබ පැතුම්දුටුගැමුණු රජසිංහල ප්‍රස්ථාව පිරුළුඑස්. පණීභාරතශ්‍රී ලංකාවේ ආදිවාසීන්ස්ත්‍රී ස්වයං වින්දනයසාර ධර්මඋසස්කිරීම සහ පහත හෙලීමක‍ඩොලානවොලිබෝල්රුවන්වැලිසෑයමත්ද්‍රව්‍යශ්‍රී ලංකාවේ ඉතිහාසයකන්‍යාභාවයමිනිත්තුශ්‍රී මහා බෝධිය, අනුරාධපුරශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී ලංකා රුපියලමිලින්ද ප්‍රශ්නයපරිසර දූෂණයModule:Argumentsග්‍රහලෝකඅමරදේවමහා සිකුරාදාමහා මංගල සුත්‍රයලිංගික සංසර්ගයඉන්දුනීසියාවප්‍රස්ථාව පිරුළු (සිංහල භාෂාව)පෙර පාසල්ශ්‍රී ලංකාවේ සර්පයෝසිංහල හෝඩිතොටගමුවේ ශ්‍රී රාහුල හිමිසෙංකඩගල පෙරහැර මංගල්‍යයඉන්දියාවේ දේශපාලන පක්ෂජයන්ති කුරු උතුම්පාලඅනුරාධපුර පෞරාණික නගරයඩන්කන් වයිට්ශ්‍රී ලංකා ජාතික ගීයසිංහල ප්‍රස්තාපිරුළු 1300ක්, වර්ගීකරණයක්, සහ වාග්සම්ප්‍රදායන්ගෙන් වෙන් කර හඳුනා ගැනීමශ්‍රී ලංකාවේ පළාත්කළමනාකරණයකැලණිය රජ මහා විහාරයගාලු කොටුවආතර් සී. ක්ලාක්මිත්‍රත්වයශ්‍රි ලංකාවේ පාසල් ලැයිස්තුව